
ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් නිවෙස්වල එක් රැස්වී ඇති කුණු එකතු කර ගැනීම සඳහා පැලවත්ත, බටපොත, රොබට් ගුණවර්ධන මාවතේ කුණු පොළක් ආරම්භ කොට ඇත.
අද උදෑසන සිට ජනතාව මෙම ස්ථානයට මදුරුවන් බෝ විය හැකි අපද්‍රව්‍ය, ටයර්, බෝතල්, කප්, සහ අනෙකුත් දිරාපත් නොවන අපද්‍රව්‍ය රැගෙන එන ආකාරය දක්නට ලැබූ අතර ජනතාව මේ පිළිබඳව ප්‍රසාදය පල කොට සිටියි.