Skip to main content

360 News

පසුගිය ජුලි 01 වන දිනට නියමිතව පැවැති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 06 වන දින සිට, එනම් අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ රජය මඟින් පියවර ගෙන ඇත. 

ඒ අනුව කෙටි සේවා බස් රථ සඳහා 12% බැගින් ද,  දුර සේවා බස් රථ සඳහා 20% බැගින් ද නව බස් ගාස්තු සංශෝධනයන් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට ඇත. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර සිටියේ මෙම මිල සංශෝධනයන් තුළ යම් යම් විකෘතිතා පවතින බවත්, යම් හෙයකින් ඉදිරියේදී ඉන්ධන මිල ගණන් අඩු වුවහොත් තවදුරටත් මිල අඩු කිරීමේ හැකියාව නොමැති ආකාරයකට ගාස්තු සංශෝධනය කර ඇති බවයි. එමෙන්ම මෙවැනි බස් ගාස්තු සංශෝදනයකට යාමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ මූල්‍ය පරිපාලනයේ දුර්වලතා නිසා බව ඔවුන් පවසා සිටියි.

කෙසේ වෙතත් සංශෝධිත බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රි 12න් පසුව ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *