Skip to main content

360 News

භූමිතෙල් යොදා ධාවනය වන බස් රථ වැටලීමේ මෙහෙයුමක් අද රත්නපුරදී පැවැත්වුණි. ඒ අනුව එසේ ධාවනය කළ පුද්ගලික බස් රථ පහක් කොටු කරගැනීමට වැටලීම් කණ්ඩායම සමත් විය.

රත්නපුර පොලිස් මූලස්ථාන රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාලගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවේය. 

ඔවුන් පවසන්නේ රථයේ නිෂ්පාදකයා විසින් නියම කරන ලද ඉන්ධන වර්ගය හැර වෙනත් ඉන්ධන යොදා හෝ මිශ්‍ර කර හෝ ධාවනය කිරීම සම්පූර්ණයෙන් නීති විරෝධී බවයි.

භූමිතෙල් වලින්ම හෝ  ඩීසල් සමඟ කලවම් කර හෝ ධාවනය කිරීමේදී ඉන් පිටවන්නේ විස දුමක් බවත් එම දුම මනුෂ්‍ය ශරීරයට හා පරිසරයට විශාල හානියක් සිදු කරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේය. එසේම මෙවන් බස් රථ ධාවනයේදී සිදුවන අනතුරකදී වහා ගිනි ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවත් අනතුරක් නොවී හෝ ගිනි ගැනීමටත් බොහෝ ඉඩකඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම බස් රථ පරීක්ෂාව තුළින් රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් ධාවනය වන කෙටි දුර බස් රථ බොහොමයක ටයර් ගෙවී ගොස් තිබූ බවත් එම බස් රථ ධාවනය වන්නේ කඳු පල්ලම් සහිත ප්‍රදේශවල බවත් පවසන ඔහු, ඔවුන්ටද විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *