නේමාර්ගේ ඇස්වල ඔය තරම් කඳුළු තියන එක සාධාරණයි.

2002න් පස්සේ තමන්ගේ රටට ලෝක කුසලානයක් අරගෙන ඒවි කියලා බ්‍රසීල ප්‍රේක්ෂකයින් විශ්වාසය තියපු ක්‍රීඩකයා තමයි නේමාර් කියන්නේ. නේමාර් ඒකට උපරිමයෙන් උත්සාහ කළා. බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළා. ගෝල 80ක්. ඔව්. ඒ වාර්තාව තියෙන්නේ පේලේගේ නම ඉස්සරහින් නෙමෙයි, නේමාර්ගෙ නම ඉස්සරහින්. අවුරුදු 12 කට කලින් කොලොම්බියාවේ හුවාන් සුනිගාගේ පා පහරින් නේමාර් ආබාධයට ලක් වෙලා ඊළඟට […]