
ජනතාවගේ නිවාස සිහිනය සෑබෑවක් කරවීමට ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ තේමාව පෙරදැරි කරගනිමින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා චෙක්පත් ලබාදීම ඊයේ (04) අමාත්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගායේදි පැවැත්වුණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස රුපියල් එක්ලක්ශ පනස්දහසක් බැගින් වන චෙක්පත් 25ක් මෙලෙස අමාත්‍යවරයාගේ අතින් විසින් ලබා දුන්නේය.
මේ සදහා නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාර ජේ.ඒ.අජිත් ප්‍රසන්න, තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් සුමිත් කේ සෝමරත්න, තලාව ප්‍රාදේශිය සභා සභාපති කරුණාදාස දිසානායක සමඟින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ නිවාස හිමිකරුවන් පැමිණ සිටියහ.
නිවාස ආධාර ලබා දීමෙන් සෙතක් වෙන්නේ ගමේ හාඩ්වෙයාර් එකට. ඇමතිට පෝස්ටර් ගහපු, දේශපාලන හිතවත්කම්වලට නෙමෙයි මේ ආධාර දෙන්නේ. මේ ලබාදෙන අධාරවලින් අපි ගෙවල් හදවනවා. වර්ග අඩි 550ක අංග සම්පූර්ණ නිවසක් මාස තුන හමාරකින් ඉදිකරනවා. මේ ගැන නිවාස අධිකාරිය සොයා බලනවා”
යනුවෙන් පැමිණ සිටි පිරිස අමතා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.