මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ
ඒ අනුව ගැටුමින් මියගිය සමස්ත පුද්ගලයින් ගණන 29 දක්වා ඉහළ ගොස් ඇත
පසුගිය 6 වෙනිදා උදෑසන දෙවන වතාවටත් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්රමික ඒකකයේ නිලධාරීන් 7දෙනෙකුට දිවි අහිමි විය.
ගැටුමින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මීගමුව මහ රෝහලට ඇතුළත් කළ අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි.
මේ අතර, ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ නිසල දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) උදෑසන රැගෙන විත් තිබේ.