
මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් මේ වන විටත් අතුරුදන්ව ඇති අතර, එම බන්ධනාගාරයෙන් පිටත ඒ අසළ තිබී මි.මී. 9 වර්ගයේ මැගසිනයක් සහ උණ්ඩ 10ක් බුද්ධි අංශ විසින් සොයාගෙන තිබේ.
කෙසේ නමුත් තත්ත්වය පාලනය වූ මීගමුව බන්ධනාගාරයේ අදත් (8) සුළු ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මැදිහත්ව තත්ත්වය පාලනය කර, රැඳවියන් නැවත සිරමැදිරිවලට යොමුකර ඇති බව සඳහන් වේ.
ඒ හේතුවෙන් අද (8) පෙරවරුවේත් මීගමුව බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබුණි.
මේ අතර බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා ඊයේ (7) ප.ව. 3.15ට පමණ මීගමුව මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර පරිශ්‍රයට පැමිණ තිබේ.
බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තවදුරටත් රඳවා සිටීම හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් මැද, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇය බන්ධනාගාරයට පැමිණ ඇත.
මෙහිදී මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයේ දොරටු, රැඳවියන් මියගොස් සිටි ස්ථාන, වෙඩි වැදුණු ස්ථාන මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කෙරුණු ස්ථානද නිරීක්ෂණය කර ඇති බව සඳහන් වේ.