Skip to main content

360 News

රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවා ලබපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුණුපුරන්ට, මිණිබිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? යකඩ කෑල්ලක් කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(04) දින මාතර කොටපොළ පැවති රැස්වීමක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙලෙස පවසා සිටියේය.

“අද අපි ඔබ හම්බවෙන්නෙ මේ මැතිවරණ කාලෙක නෙවෙයි. තාම මැතිවරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට අදහසක් නෑ.මොකද ආණ්ඩුව දන්නවා ඡන්දෙකට ගියොත්, පළාත් සභා එහෙම තිබ්බොත් රිදෙනවා. හැබැයි අද අපි ගමෙන් ගමට යනකොට හැම ගමකම ජනතාව අපි එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට ඡන්දය දීපු, නොදීපු, පහුගිය මැතිවරණවල හිත් බිඳිලා, රිදිලා හිටපු, අපෙන් ඈත් වෙච්ච, වර්තමාන ආණ්ඩුවෙන් යම් වෙනසක් බලාපොරොත්තු වෙච්ච තරුණයෝ, වැඩිහිටියෝ, බොහෝ පිරිසක් අද අපි එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය මත. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක් සහ අපි කියපු දේ කරලා තියෙනවා, කියපු දේ කරලා තියෙනවා.

​අද මේ ගම්වලට ආවම, මේ ගමක දකින්න තියෙන සංවර්ධනය අපේ ආණ්ඩුවලින් කරපුවා. හැබැයි එදා ජේ.වී.පී. එක මොකක්ද කරේ ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා. ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා පමණක් නෙවෙයි, ඒ සංවර්ධන ව්‍යාපෘති හැම එකක්ම හොර ව්‍යාපෘති කියලා හංවඩු ගැහුවා. කොළඹ වරාය නගරය හදන්න සීගිරියත් කඩන්න ඕනේ කියලා කිව්වා. මම සතුටු වෙනවා එහෙම කියපු ජනාධිපතිවරයා අද තමන් යන හැම විදේශ සංචාරයකදීම පෝට් සිටි එක ගැන කතා කරනවා. ඒකට ආයෝජකයන්ට එන්න කියනවා, ඒක  හොඳයි. මම සතුටු වෙනවා ඒක ගැන, මොකද එතුමා අද වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු කොළඹ වරාය නගරය තමයි මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න පුළුවන් කියලා.

​වරාය හදනකොට ගල් තියෙනවා කියලා කිව්වා. උමා ඔයේ හිලක් තියෙනවා කියලා කිව්වා. නෙළුම් කුළුණ හදන්නෙ උඩට ගිහිල්ලා පනින්නද කියලා ඇහුවා. අද එහෙම කියපු අය තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළේ මේවා ගැන කතා කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි අවාසනාවකට මේ අයට මේවයේ උපරිම ප්‍රයෝජන ගන්න තාම තේරෙන්නේ නෑ. මේවයේ ප්‍රතිලාභ ගමේ ජනතාවට, දෙනියායේ දරුවාට, කොටපොළ දරුවාට ලබා දෙන්න පුළුවන් සැලැස්මක් අද ආණ්ඩුවට නෑ. ඒ දැක්ම ආණ්ඩුවට නෑ.

​අධිවේගී මාර්ගය හැදුවහම බල්ලන්ට බළල්ලුන්ට පාර මාරු වෙන්න බැහැයි කියපු නායකයෙක් අද ඉන්නේ. එහෙම නායකයෙක්ට මේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ගම්වල දෙමාපියන්ගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් දැක්මක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් අහලා වැඩක් වෙන්නේ නෑ. අද එක පැත්තකින් මහා සංඝරත්නයට අපහස කරනවා.ආගමික නායකයෝ විවේචනය කරද්දී, ඉලක්ක සහගතව ගරුතර මහා සංඝරත්නයේ, සම්බුද්ධ ශාසනයට අගෞරව කරද්දී, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ, ආණ්ඩුවේ ජේ.වී.පී. එකේ දේශපාලන දැක්ම ඇතුළේ, ආගමෙන් දහමෙන් දරුවෝ ඈත් කරලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය උපරිම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

​රණවිරුවන්ට ගැරහුවට, මහා සංඝරත්නයට අපහාස කරාට, දේශපාලනික වශයෙන් අපෙන් පළිගන්න උත්සාහ කරාට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියන එක ආණ්ඩුව මතක තියාගන්න ඕනෑ. මිනිස්සුන්ගේ බඩගින්නට උත්තරයක් ඕනේ. ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට උත්තරයක් ඕනේ.

​ආණ්ඩුවේ මොකක්ද සැලැස්ම දළු ටිකට සාධාරණ මිලක් දෙන්න. ආණ්ඩුවේ මොකක්ද සැලැස්ම තේ ගොවියට, වී ගොවියට පොහොර ටික දෙන්න. අද වෙනකොට පොහොර මිටිය රුපියල් 15,000යි 20,000යි අතර යන්නේ. ආණ්ඩුව පොහොර එනකොට සහනයක් දෙනවා කියනවා ගොවියන්ට, ඒ පොහොර ටික එනකොට පොහොර ගහන කාලේ පනිනවා. එතකොට ඒ පොහොර වැඩක් නෑ.

​මෙන්න මේක තේරුම් ගන්න බැරි ආණ්ඩුව හිතාමතා පිටරටින් හාල් ගේනවා. ලංකාවේ ගබඩාවල තියෙන වී ටික සත්ත්ව ආහාරවලට දෙනවා. පිටරටින් හාල් ගේනවා. ගොයම් කපනකොට ගොවියාගේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කරනවා. අවසානයෙන් තේ ගොවියා අසරණ කරනවා. තේ ගොවියට ලැබෙන ආදායම නැති කරලා තියෙන්නේ අද. ඒ හින්දා තමයි අද අපි ගම්වලට යනකොට රටේ ජනතාව අපිත් එක්ක එකතු වෙන්නේ. අත්වැල් බැඳගන්නේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *