Skip to main content

360 News

හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරන මුවාවෙන් කූඨ ලෙස මුදල් අයකරමින් සිදු කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දෙන්නේ එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසයි.

හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පමණක් බව ද එම නිවේදනයේ දක්වා තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් කරන ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව, වෙනත් කිසිදු පාර්ශවයකට හෙද නිලධාරීන් විසින් තොරතුරු ලබා නොදිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

එවැනි වංචා හෝ දූෂණ සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *