Skip to main content

360 News

2002න් පස්සේ තමන්ගේ රටට ලෝක කුසලානයක් අරගෙන ඒවි කියලා බ්‍රසීල ප්‍රේක්ෂකයින් විශ්වාසය තියපු ක්‍රීඩකයා තමයි නේමාර් කියන්නේ. නේමාර් ඒකට උපරිමයෙන් උත්සාහ කළා. බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල වාර්තා කළා. ගෝල 80ක්. ඔව්. ඒ වාර්තාව තියෙන්නේ පේලේගේ නම ඉස්සරහින් නෙමෙයි, නේමාර්ගෙ නම ඉස්සරහින්.

අවුරුදු 12 කට කලින් කොලොම්බියාවේ හුවාන් සුනිගාගේ පා පහරින් නේමාර් ආබාධයට ලක් වෙලා ඊළඟට බ්‍රසීලය අවසන් පූර්ව තරගය ජර්මනියට ගෝල 7-1 ක් විදිහට පරාජය වුණා. 

ඊට පස්සේ 2018ටත් වඩා බ්‍රසීලය ගැන බලාපොරොත්තු තිබුණේ 2022 ලෝක කුසලානයේ දී. ඒකෙ දී ක්‍රොයේශියාව සමඟ තරගයේදී නේමාර් සුපිරි ගෝලයක් වාර්තා කරනවා. නමුත් බ්‍රසීලය අවාසනාවන්ත විදියට තරගය පරාජය වෙනවා.

ඉතිහාසය නැවත ලියවමින් අදත් නේමාර් 2022 වගේම අවසාන මොහොතේ බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළා. ඒත් එදා වගේම බ්‍රසීලය ප්‍රමාද වැඩියි. සමහර විට ඒ නේමාර්ගේ අවසාන ජාත්‍යන්තර ගෝලයත් වෙන්න පුළුවන්.

මොකද 2030 ලෝක කුසලානය වෙද්දි නේමාර්ට වයස අවුරුදු 38ක්. ආබාධ සහ ශාරීරික යෝග්‍යතා ගැටලු එක්ක බලද්දි ඒ ලෝක කුසලානය බොහෝ දුරට නේමාර්ට සිහිනයක් පමණක් වේවි.

නේමාර්ව පාපන්දු ලෝකයේ හඳුන්වන්නේ කිරුළු නොපළන් කුමරා විදියට. මොන තරම් දක්ෂයෙක් වුණත් කිරුළක් නැත්නම් ඔහු රජෙක් වෙන්නේ නෑ. දක්ෂතාවය ඕනෑවටත් වඩා දීලත් දෙවියන් ඔහුගෙන් ඒ වාසනාව උදුරගෙන තියෙනවා. එහෙම බලද්දි නේමාර්ගේ ඇස්වල ඔය තරම් කඳුළු තියන එක සාධාරණයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *