Skip to main content

360 News

කළුතර නගරය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමගම කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඩෙංගු පරීක්ෂාවකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් සොයා ගනියි.

කළුතර නගරය හා කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල සීමාවේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම අද උදෑසන කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඩෙංගු මර්දන සහයක බලකාය හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් එක්ව කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ  විශේෂ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී.

එහිදී හිමිකරුවන් නොමැතිව තිබූ ඉඩම්වල ළිං ජලයේ සහ ඉවතලන වීදුරු උපකරණ රැසකම ඩෙංගු මදුරුවන් බෝ වී තිබීම දක්නට ලැබුණු අතර, ඉදිකිරීම්  වැඩ අවසන් නොකළ ගොඩනැගිලි වලද ඩෙංගු මදුරුවන් බෝ වී තිබීම දක්නට ලැබුණි.

සෞඛ්‍ය අංශ විසින් මෙම ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හැර තිබූ ඉඩම් හිමිකරුවන්ට සහ ගොඩනැගිලි හිමිකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලදී.

මෙම විශේෂ ඩෙංගු මැඩලීමේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාරද එක්ව සිටියේය.

සියලු අංශවල දායකත්වය ඇතිව ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමට කටයුතු කරන බවත්, එසේ කටයුතු කිරීමේදී ආයතනවල, පළාත් පාලන ආයතනවල සහයෝගිත්වය ඉතා උසස් මට්ටමෙන් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *