Skip to main content

360 News

තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට අකමැති බව පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසයි.

ස්පාඤ්ඤය හමුවේ ලද පරාජයෙන් පසු ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වී තීරණ නොගන්නා බවයි.

එසේම මෙය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව පවසන ඔහු, පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය මෙයදැයි ස්ථිරවම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

“මේ විදිහට ලෝක කුසලානයෙන් සමුගන්න සිදුවීම ගැන මට කණගාටුයි. මම මගේ උපරිමය කළා. මම ක්‍රීඩා කළේ ඉතාම පිරිසිදු හෘද සාක්ෂියකින්. ඔව්, මෙය මගේ අවසන් ලෝක කුසලානයයි. නමුත් දැන් මට මේ ගැන නැවත සිතා බලන්න සහ මගේ පවුලේ අය සමග කාලය ගත කරන්න කාලය තිබෙනවා. මම කලබලයෙන් කිසිදු තීරණයක් ගන්නේ නැහැ.” යනුවෙන් ඔහු පවසා සිටියි

“මම ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්නේ නැහැ,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *