Skip to main content

360 News

නීරෝගිකම යනු මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය වුවද, වත්මන් රජයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකික ජනතාවට එම උතුම් ලාභය අහිමි වී ගොස් ඇති බව සර්වජන බලය පක්ෂයේ ‘සර්වජන හිතායේ’ ආගමික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති, රාජකීය පණ්ඩිත ආචාර්ය උණගස්වැවේ ධම්මදින්න හිමියන් පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සහ රජයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමිනි.

“අද වන විට ඩෙංගු වසංගතය කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කිසිදු තරාතිරමකින් තොරව මුළු රටම ගිලගනිමින් තිබෙනවා. මේ වන විට ඩෙංගු ආසාදිතයින් 60,000 කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 39 ක් වාර්තා වී තිබෙනවා. මෙවැනි දරුණු සෞඛ්‍ය ව්‍යසනයක් රට තුළ නිර්මාණය වී තිබියදීත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජය කිසිදු නිසි දැක්මක් නොමැතිව ‘නිදිමරගාතේ’ පසුවීම අතිශය කනගාටුවට කරුණක්. ඩෙංගු මදුරුවා මර්දනය කරගැනීමට නොහැකි රජයකට සමස්ත රටක් පාලනය කරන්නේ කෙසේද යන්න අද ජනතාව ප්‍රශ්න කරමින් සිටිනවා.

අනෙක් අතට, රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන සංකල්පයක් ලෙස ඉතා යහපත් වුවත්, අද එය හුදෙක් නාම පුවරු වලට සහ මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමා වෙලා. කොළඹ, ගාල්ල, මාතර වැනි ප්‍රධාන නගරවල පමණක් නොව ප්‍රාදේශීය සභා මට්ටමින් ද කසළ කළමනාකරණය මුළුමනින්ම බිඳවැටී තිබෙනවා. බළධාරීන් මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවද, මහමඟ කුණු කඳු ගොඩගැසෙද්දී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අද අංශභාග රෝගියෙකු සේ අඩපණ වී ඇති බව අපට පෙනී යනවා. යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *