Skip to main content

360 News

රත්නපුරේදී භූමිතෙල් යෙදූ බස් රථ අල්ලයි

භූමිතෙල් යොදා ධාවනය වන බස් රථ වැටලීමේ මෙහෙයුමක් අද රත්නපුරදී පැවැත්වුණි. ඒ අනුව එසේ ධාවනය කළ පුද්ගලික බස් රථ පහක් කොටු කරගැනීමට වැටලීම් කණ්ඩායම සමත් විය. රත්නපුර පොලිස් මූලස්ථාන රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ධර්මපාලගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබුවේය.  ඔවුන් පවසන්නේ රථයේ නිෂ්පාදකයා විසින් නියම කරන ලද ඉන්ධන […]

ලෙයින් තෙත් වූ මීගමුව බන්ධනාගාරය

අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුකොට ගෙන මේ වන විට ඒ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ.  බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් පිටතට රැගෙන යාමේ කටයුතු මේ වන විට තවමත් සිදුවෙමින් පවතී. ඔවුන් මහනුවර පල්ලකැලේ පිහිටි බෝගම්බර එළිමහන් බන්ධනාගාරය වෙත රැගෙන යන බව වාර්තා වේ. එමෙන්ම එහි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින් […]

සෞඛ්‍ය ඇමතිවරයා නිදිමරගාතේ ඉන්නේ – උණගස්වැවේ ධම්මදින්න හිමි

නීරෝගිකම යනු මිනිසෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය වුවද, වත්මන් රජයේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකික ජනතාවට එම උතුම් ලාභය අහිමි වී ගොස් ඇති බව සර්වජන බලය පක්ෂයේ ‘සර්වජන හිතායේ’ ආගමික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති, රාජකීය පණ්ඩිත ආචාර්ය උණගස්වැවේ ධම්මදින්න හිමියන් පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සහ රජයේ ක්‍රියාකලාපය […]

“ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට යකඩ කෑල්ලක් කියලා කියනවා” – නාමල් රාජපක්ෂ

රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවා ලබපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුණුපුරන්ට, මිණිබිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? යකඩ කෑල්ලක් කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.  ඔහු මේ බව […]

බස් ගාස්තු වැඩි කරන්න වුණේ ආණ්ඩුව නිසා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

පසුගිය ජුලි 01 වන දිනට නියමිතව පැවැති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 06 වන දින සිට, එනම් අද මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ රජය මඟින් පියවර ගෙන ඇත.  ඒ අනුව කෙටි සේවා බස් රථ සඳහා 12% බැගින් ද,  දුර සේවා බස් රථ සඳහා 20% බැගින් ද නව […]

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් සැලසුම් සහගතව අවසන් කරමින් පවතිනවා

2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අප අවසන් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේදී ජූලි 04(ඊයේ) දින පැවති “අරුමැසිය” ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව සඳහන් […]

දිනක් තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,000කට අධික සංඛ්‍යාවක්

ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, 2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. නවතම දත්ත අනුව, මේ වසර තුළ ඩෙංගු ආසාදිතයන් 56,422 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, පසුගිය පැය 24ක කාලය […]

‘කලාපයට අපි ගේමක් දුන්නා, අපිට පුළුවන් කියලා’

කළුතර, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලේ, 17න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම, පසුගිය ජූනි 3 වන දා පැවති හොරණ කලාප තරගාවලියේදී 17න් පහළ පාපන්දු ශූරියන් බවට පත්වුණා. මේ ක්‍රීඩිකාවන්, පළමු වරට පාපන්දු ක්‍රීඩා කර තිබුණේ, පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී යි. අවම පහසුකම් සමග උත්සහයෙන් ඉදිරියට යන ගමන පිළිබඳව හා තමන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව කණ්ඩායමේ සාමාජිකාවන් […]